වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර තිස්ස කුමාරසිරි වර්ණකුලසූරිය මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා වයඹ ප්රධාන ආමත්යංශ ලේකම් ඩබ්, එම් , සී, කේ වන්නිනායක මහතාගෙ සහභාගිත්වයෙන්ද ,කල්පිටිය ප්රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතාද,වයඹ පලාත් පරිසර අධිකාරියේ සියලුම නිලධාරීන්ද, කල්පිටිය ප්රාදේශීය සභාවේ නිලධාරීන්ද එක්ව ලෝක පරිසර දිනය කන්දකුලිය මුනේ (ඩොන්කි පොයින්ට් ආශ්රිත කස කැලේ ) මෙසේ සමරන ලදි.
පරිසර අලංකාරය හා සෙවන සදහා කල්පිටිය නගරයේ ප්රධාන මාර්ගයේ දෙපස සිටුවා ඇති මගුල් කරද ගස් වල අතු කප්පාදු කිරිම ලක්විජය බලාගාරයේ ප්රධාන විදුලි ඉංජිනේරු චින්තක මහතාගේ අනුග්රාහකත්වයෙන් , කල්පිටිය ප්රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතාගෙ ඉල්ලීමක් මත මෙසේ සිදුවන ලදි.